دَلَائِلُ الْخَيْرَاتِ
යහපතෙහි සලකුණු
Si
اَلنِّيَّةُ | Intentions
اَللَّهُمَّ إِنِّي نَوَيْتُ بِالصَّلَوٰةِ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ امْتِثَالاً لِّأَمْرِكَ وَتَصْدِيقًا لِنَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَحَبَّةً فِيهِ وَشَوْقًا إِلَيْهِ وَتَعْظِيمًا لِّقَدْرِهِ وَلِكَوْنِهِ أَهْلاً لِّذَلِكَ
අහෝ අල්ලාහ්, ඔබගේ නියෝගයට කීකරු වෙමින් ද ඔබගේ නබි මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි ඇති විශ්වාසය, ආදරය සහ දැඩි ආශාව නිසා ද එතුමාණන්ගේ උදාරත්වය උදෙසා ද මෙම සලවාතය පිරිනැමීමට මම අදහස් කළෙමි
فَتَقَبَّلْهَا مِنِّي بِفَضْلِكَ وَإِحْسَانِكَ وَأَزِلْ حِجَابَ الْغَفْلَةِ عَنْ قَلْبِي وَاجْعَلْنِي مِنْ عِبَادِكَ الصَّالِحِينَ.
ඔබගේ කරුණාවෙන් එය මාගෙන් පිළිගෙන, මගේ හදවතින් නොසැලකිලිමත්කමේ තිරය ඉවත් කර, ඔබගේ යහපත් ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව
اَللَّهُمَّ زِدْهُ شَرَفًا عَلَىٰ شَرَفِهِ الَّذِيٓ أَوْلَيْتَهُ. وَعِزًّا عَلَىٰ عِزِّهِ الَّذِيٓ أَعْطَيْتَهُ.
අහෝ අල්ලාහ්, ඔබ එතුමාණන්ට පිරිනැමූ ගෞරවය මත තව තවත් ගෞරවය ද ඔබ එතුමාණන්ට ලබා දුන් මහිමය මත තවත් මහිමය ද වැඩි කරනු මැනව
وَنُورًا عَلَىٰ نُورِهِ الَّذِي مِنْهُ خَلَقْتَهُ وَأَعْلِ مَقَامَهُ فِي مَقَامَاتِ الْمُرْسَلِينَ. وَدَرَجَتَهُ فِي دَرَجَاتِ النَّبِيئِينَ.
එතුමාණන්ව මවා වදාළ ඒ ආලෝකය මත තවත් ආලෝකය පිරිනමා, දූතයන් සහ නබිවරුන් අතර එතුමාණන්ගේ තරාතිරම උසස් කරනු මැනව
وَأَسْئَلُكَ رِضَاكَ وَرِضَاهُ يَا رَبَّ الْعَالَمِينَ. مَعَ الْعَافِيَةِ الدَّآئِمَةِ وَالْمَوْتِ عَلَى الْكِتَابِ وَالسُّنَّةِ وَالْجَمَاعَةِ وَكَلِمَتَيِ الشَّهَادَةِ عَلَىٰ تَحْقِيقِهَا مِنْ غَيْرِ تَبْدِيلٍ وَّلَا تَغْيِيرٍ.
ලෝකයේ අධිපතියාණෙනි, ඔබගේ සහ එතුමාණන්ගේ තෘප්තිය ද, ස්ථිර සුවය ද, කිසිදු වෙනසකින් තොරව දහම සහ ශහදා ප්රකාශය මත අවසන් හුස්ම හෙළීමට ද මම ඔබෙන් අයදිමි
وَاغْفِرْ لِي مَا ارْتَكَبْتُهُ بِفَضْلِكَ وَجُودِكَ وَكَرَمِكَ يَآ أَكْرَمَ الْأَكْرَمِينَ.
අහෝ අති උදාරවන්තයාණෙනි, ඔබගේ මහා දයාවෙන් සහ ත්යාගශීලීත්වයෙන් මා අතින් සිදු වූ වැරදි වලට මට සමාව දෙනු මැනව
وَصَلَّى اللَّهُ عَلَىٰ سَيِّدِنَا مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَإِمَامِ الْمُرْسَلِينَ. وَعَلَىٰٓ ءَالِهِ وَصَحْبِهِ أَجْمَعِينَ. وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ. وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.
නබිවරුන්ගේ අවසානයා වූ මුහම්මද් (සල්) තුමාණන්ටත්, එතුමාණන්ගේ පවුලේ අයට සහ සහාබාවරුන්ටත් ආශිර්වාදය හිමි වේවා, සියලු ප්රශංසා ලෝක හිමි අල්ලාහ්ටම වේවා