قُلْتُ لَمَّا غَابَ عَنِّي
ඔහු මාගෙන් නොපෙනී ගිය කල මම පැවසුවෙමි
Si
قُلْتُ لَمَّا غَابَ عَنِّي
نُورُ مَرَاكَ الْمَصُون
මා වෙතින් සැඟව ගිය කල්හී මම මෙසේ කීවෙමි
ඔබගේ සුරක්ෂිත රූපයේ ආලෝකය
شَفَّنِي وَاللَّهِ سُقْمٌ
فِيهِ قَدْ ذُقْتُ الْمَنُونَ
දෙවියන් පල්, රෝගයක් මා වෙළා ගත්තේය
එහි මම මරණයේ රසයම අත්වින්දෙමි
وَعُيُونِي مِنْ نَحِيبٍ
جَارِيَاتٌ كَالْعُيُون
තදබල හැඬීම නිසා මාගේ දෑස්
ගලායන දිය උල්පත් මෙන් වැගිරෙයි
وَجُفُونِي مَا كَفَاهَا
مَا جَرَى حَتَّى جَفُون
මාගේ ඇසිපියන් වැගිරුණු කඳුළු වලින් සෑහීමකට පත් නොවීය
ඒවා වියළී යන තුරුම
هَامَ قَلْبِي زَادَ وَجْدِي
فَمَتَى وَصْلَكْ يَكُونُ
මාගේ සිත පෙමින් මංමුළා විය, ආශාව දැඩි විය
එසේනම් අපගේ හමුවීම කවදා සිදුවේද?
غَابَ عَنْ عَيْنِي ضِيَاهَا
يَا قَمَرَ دَارِي الْعُيُون
මාගේ දෑසින් එහි ආලෝකය මැකී ගියේය
අහෝ සුන්දර සඳුනි, මේ දෙනෙත සනසන්න