خَبِّرِي يَا نُسِيْمَةْ عَنْ مُغْرَم
මඳනල, පෙම්වතෙකු ගැන පවසන්න.
Si
خَبِّرِي يَا نُسِيْمَةْ عَنْ مُغْرَمْ
شَجِي وَلْهَانْ عَاشِقِ الْأَنْوَارْ
පවසන්න ඕ මඳ පවන, පෙම්වතා පිළිබඳව
ශෝකී වූ, මෝහනය වූ, ආලෝකයන්ට පෙම් බඳින්නා
أَنْتِ عَنِّي اشْتَكِي لُهْ عَنْ حَالِي
طُولَ اللَّيَالِي سَهْرَانْ كَيْ أَرَى الْمُخْتَارْ
මා වෙනුවෙන් මගේ තත්ත්වය ඔහුට පවසන්න
තෝරාගත් තැනැත්තා දැකීම පතා මුළු රැය පුරාම නිදිවර්ජිතව
مَنْ يَلُمْنِي فِي غَرَامِي طَالَمَا عَاشِقْ جَمَالَكْ
كُنْ شَفِيعِي يَا تِهَامِي جُدْ تَعَطَّفْ بِنَوَالَكْ
ඔබගේ රූ සපුවට පෙම් බඳින මට කවරෙකු දොස් පවරන්නද?
ඕ තිහාමී, මාගේ මැදිහත්කරු වන්න, ඔබගේ දයාවෙන් මට කරුණා කරන්න
يَا مُحَمَّدْ يَا مُمَجَّدْ يَا مُؤَيَّدْ بِالْشَّفَاعَةْ
هَا أَنَا عِنْدَ بَابِك أَرْتَجِي الْأَنْظَارْ
ඕ මුහම්මද්, ප්රශංසනීය වූ, මැදිහත් වීමේ බලය ලත් තැනැත්තාණෙනි
මෙන්න මම ඔබගේ දොරකඩ අසල ඔබගේ බැල්ම පතමි