أَلْفٍ صَلَّى الله عَلَى زَيْنِ الْوُجُودْ
පැවැත්මේ අලංකාරය කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාද දහසක් වේවා.
Si
أَلْفٍ صَلَّى الله عَلَى زَيْنِ الْوُجُودْ
مَنْ سَكَنْ طَيْبَة وَخَيَّمْ في زَرُودْ
පැවැත්මේ සෞන්දර්යය කෙරෙහි අල්ලාහ්ගේ දහසක් ආශිර්වාද වේවා
තයිබාහි වැසියා සහ සරූද්හි කඳවුරු බැඳි උතුමාණෝ වෙත
يَا بُدُورَ الْحَيِّ يَا رَبْعَ الْكِرَامْ
بَلِّغُو ظَبْيَ الْحِمَى مِنِّي السَّلَامْ
ජනාවාසයේ පූර්ණ චන්ද්‍රයන් වැනි වූවෙනි, උදාරවන්තයින්ගේ නිවහන වැනි වූවෙනි
අභයභූමියේ මුවැත්තාණන් වෙත මාගේ සලාමය පවසන්න
إِنْ تَهَتَكْنَا عَلَيْكُمْ لَا نُلَامْ
غَلَبَ الْوَجْدُ عَلَيْنَا وَ الْغَرَامْ
ඔබ කෙරෙහි වූ අපගේ ආශාව අපව නිරාවරණය කළේ නම් අපට දොස් නොකියන්න
මන්ද, දැඩි ලෙන්ගතුකම සහ ආදරය අපව සහමුලින්ම අභිබවා ඇත
لَا يَنَامُ اللَّيْلَ عَاشِقْ مُسْتَهَامْ
إِنَّمَا النَّومُ عَلَى الْعَاشِقْ حَرَامْ
දැඩි ලෙස පෙම් බඳින්නා මුළු රාත්‍රියම නිදි නොලබයි
මන්ද, ප්‍රේමයෙන් පීඩිත වූවන්ට නින්ද තහනම් වූවක් වැනිය
سَادَتِي إِنْ لَمْ تَحِنُّو بِاللِّقَا
مِتُّ وَجْدًا فَلَكُمْ طُولُ الْبَقَاء
මාගේ ස්වාමීනි, හමුවීමකින් ඔබ මා හට කරුණාව නොදක්වන්නේ නම්
මම විරහවෙන් මිය යන්නෙමි, එහෙත් ඔබ සදාකල් වැජඹේවා
أَنَا إِنْ لَمْ أَهْوَا غِزْلَانَ النَّقَاء
أَيُّ فَرْقٍ بَيْنَ قَلْبِي وَ الْجَمَادْ
අල්-නකාහි මුවැත්තන් කෙරෙහි මා පෙම් නොකරන්නේ නම්
මාගේ හදවත සහ අජීවී ගලක් අතර ඇති වෙනස කුමක්ද?
آنَسَ اللهُ بِكُمْ أَوْقَاتَنَا
وَسَقَى وَادِيكُمُ فَيْضَ الْغَمَامْ
අල්ලාහ් දෙවිඳාණෝ ඔබ තුළින් අපගේ කාලය ප්‍රීතිමත් කරත්වා
තවද වසිනා වලාකුළු ඔබේ නිම්නය ජලයෙන් පෝෂණය කරත්වා