مَا لِلنِّيَاقِ إِذَا حَدَا جَمَّالُهَا
ඔටු පාලකයා ගී ගයන කල ඔටු දෙනුන් හට කුමක් වීද?
Si
Si
مَا لِلنِّيَاقِ إِذَا حَدَا جَمَّالُهَا
تَدَعُ الْعَنَاءَ وَلَا تَمَلُّ مَلَالَهَا
ඔටු පාලකයා ගී ගයන කල මේ ඔටු දෙනුන්ට කුමක් වීද?
තම වෙහෙස පසෙකලා ඔවුහු මඟට අලස නොවෙති
وَتَرَىٰ لَهَا فِي السَّيْرِ جِدًّا وَاضِحًا
شَوْقًا تَمُدُّ يَمِينَهَا وَشِمَالَهَا
ඔවුන්ගේ ගමනෙහි පැහැදිලි අධිෂ්ඨානයක් ඔබ දකිනු ඇත
දැඩි ආශාවෙන් ඔවුහු දකුණටත් වමටත් දිගැදෙති
وَتَبَاشَرَتْ لَمَّا أَتَتْ بَدْرًا رَأَتْ
نُورَ النَّبِيِّ الْهَاشِمِيِّ بَدَا لَهَا
ඔවුහු බද්ර් වෙත පැමිණි කල මහත් සේ ප්‍රීතිමත් වූහ
මන්ද හාෂිමී නබිඳුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරියේ දිස් වූ බැවිනි
غَنِّ لَهَا يَا سَعْدُ بِاسْمِ مُحَمَّدٍ
فَلَعَلَّهَا تُصْغِي لِمَنْ غَنَّىٰ لَهَا
එබැවින් අහෝ සඃද්, මුහම්මද් නාමයෙන් ඔවුන් හට ගී ගයන්න
එවිට ගී ගයන්නා හට ඔවුන් සවන් දෙනු ඇත