أَيَا مُرِيْدَ الله
Si
الله الله الله الله سَيَّدِي الله
الله الله الله اَلْعَظِيْمُ الله
අල්ලාහ් අල්ලාහ් අල්ලාහ් අල්ලාහ් මාගේ ස්වාමී වූ අල්ලාහ්
අල්ලාහ් අල්ලාහ් අල්ලාහ් අති ශ්රේෂ්ඨ වූ අල්ලාහ්
أَيَا مُرِيْدَ اللهُ نُعِيدْ لَكْ قَوْلِ اصْغَهْ
إِذَا تَفْهَمْ قَوْلِي بِهِ تَصِلْ لِلّهْ
අහෝ අල්ලාහ්ව සොයන්නා වූ මුරීද්වරයෙනි, මා පවසන දේට සවන් දෙන්න
ඔබ මා පවසන දේ වටහා ගන්නේ නම්, ඒ මගින් ඔබ අල්ලාහ් වෙත ළඟා වනු ඇත
عَلَيْكَ يَا مُرِيدْ بِخَمْرَةِ التَّوْحِيدُه
وَإِنْ تَبْغِ الْمَزِيدْ فَالْغَيْرُ عَنْكَ انْسَهْ
අහෝ මුරීද්වරයෙනි, ඒකදේවත්වයේ මධුපානය වැළඳ ගන්න
ඔබ තව තවත් වැඩියෙන් පතන්නේ නම්, උන්වහන්සේ හැර අන් සියල්ල අමතක කරන්න
فَاذْكُرْ الاسْمَ الْأَعْظَمْ وَاطْوِ الْكَوْنَ تَغْنَمْ
وَخُضْ بَحْرَ الْقِدَمْ فَذَاكَ بَحْرُ الله
ඒ ශ්රේෂ්ඨතම නාමය මෙනෙහි කරමින් විශ්වය අභිබවා ජය ලබන්න
සදාකාලිකත්වයේ සාගරයට කිමිදෙන්න, මන්ද එය අල්ලාහ්ගේ සාගරයයි
وَخُضْ بَحْرَ الْأَنْوَارْ وَالْمَعْنَى وَالْأَسَرَارْ
وَافْنِ هَذِي الدِّيَارْ يَبْلُغْ قَلْبُكْ مُنَاهْ
ආලෝකයේත්, අරුතේත්, රහස්වලත් සාගරයේ කිමිදෙන්න
මෙලොවෙහි බැඳීම්වලින් ඔබ මිදෙන්න, එවිට ඔබේ හදවත එහි අරමුණ කරා ළඟා වනු ඇත
وَلْتَفْنَ في الْمَعْبُودْ تَذُوقْ مَعْنَى الشُّهُودُ
إِذْ لَيْسَ ذَا الْوُجُودْ إِلَّا مِنْ نُورِ الله
නැමදුම් ලබන්නා තුළ ඔබ අභාවයට පත්වී දර්ශනයේ අරුත විඳින්න
මන්ද මෙම පැවැත්ම අල්ලාහ්ගේ ආලෝකයෙන් මිස අන් කිසිවක් නොවන බැවිනි
الْمُلْكُ وَالْمَلَكُوتْ كَذَاكَ الْجَبَرُوتْ
فَكُلُهَا نُعُوتْ وَالذَّاتُ مُسَمَّاهُ
භෞතික ලෝකය ද, දේවදූත ලෝකය ද, බලසම්පන්න ලෝකය ද
ඒ සියල්ල උන්වහන්සේගේ ගුණාංගයන් වන අතර, සැබෑ සාරය නම් උන්වහන්සේමය
فَغِبْ عَنِ الصِّفَاتْ وَافْنَ في ذَاتِ الذَّاتْ
هَذِي تَلَوُّنَاتْ مَصِيرُهَا لِلِهُ
ගුණාංගයන්ගෙන් බැහැර වී එම සාරයේ සාරය තුළ අභාවයට පත්වන්න
මේවා හුදු වර්ණවත් විදහා පෑම් පමණි, ඒ සියල්ලේ අවසානය අල්ලාහ් වෙතය
إِلَيْهِ الْمُنْتَهَى وَمِنْهُ الْمُبْتَدَا
وَالْآنَ قَدْ بَدَا وَالْكَوْنُ فِي حُلَاهْ
අවසානය උන්වහන්සේ වෙතය, ආරම්භය ද උන්වහන්සේගෙන්මය
දැන් උන්වහන්සේ ප්රකාශ වී ඇත, මුළු විශ්වයම උන්වහන්සේගේ අලංකාරයෙන් බබළයි
لَهُ الْكَوْنُ مِرْآتْ وَمَظْهَرُ الصِّفَاتْ
مُحَمَّدْ نُورُ الذَّاتْ عَلَيْهِ صَلَّى الله
විශ්වය උන්වහන්සේගේ කැඩපතක් හා ගුණාංගයන්ගේ විදහා පෑමකි
මුහම්මද් තුමාණෝ එම සාරයේ ආලෝකයයි, උන්වහන්සේට අල්ලාහ්ගේ ශාන්තිය හිමිවේවා
الْعَلَاوِيْ يَقُوْلْ قَوْلًا مِنْهُ مَقْبُولُ
تَهِيْمُ بِهِ الْعُقُولْ تَغِيبْ فِي ذَاتِ الله
අලවී පවසන මේ ප්රකාශය පිළිගත හැකි වදනකි
එයින් බුද්ධිය මෝහනය වී, අල්ලාහ්ගේ සාරය තුළම නිමග්න වෙයි