رَبِّي خَلَقْ طَه مِنْ نُورْ
මාගේ ස්වාමියා තෝහාව ආලෝකයෙන් මැව්වා
Si
رَبِّي خَلَقْ طَه مِنْ نُورْ فِيهْ اِحْتِرَامْ
نَادَاهُ أَقْبِلْ يَامُخْتَارْ أَنْتَ اْلأَمِينْ
මාගේ සමිඳාණන් ගෞරවයෙන් පිරි තෝහාව ආලෝකයෙන් මැවූ සේක
"තෝරාගත් තැනැත්තාණෙනි පෙරට එන්න, ඔබ විශ්වාසවන්තයාය" යැයි උන්වහන්සේ ඇමතූ සේක
لَمَّاارْتَقَى الْبَيْتَ الْمَعْمُورْ صَلّى إِمَامْ
وَقَدْ دَنَا مِنْ رَبِّهِ الْبَاهِي الْجَلِيلْ
එතුමාණන් අල්-බයිතුල් මඃමූර් වෙත පිවිසි කල ඉමාම්වරයෙකු ලෙස සලාතය මෙහෙයවූ සේක
තවද ඉතා දීප්තිමත් වූත් ශ්‍රේෂ්ඨ වූත් තම සමිඳාණන් වෙත එතුමාණන් සමීප වූ සේක
إِنْ رُمْتَ أَنْ تَحْظى بِالْحُورْ يَوْمَ الْزِّحَامْ
صَلِّى عَلَى بَاهِي اْلأَنْوَارْ عَيْنِ الْيَقِينْ
විනිශ්චය දිනයේදී ඔබ ස්වර්ගීය කන්‍යාවන් ලැබීමට කැමති නම්
ආලෝකයන්ගේ දීප්තිය හා නිශ්චිතභාවයේ ඇස වූ එතුමා කෙරෙහි ආශිර්වාද පතන්න