مَنْ مِثْلُ أحمد
අහමඩ් වගේ කවුරුද?
Si
اللهْ اللهُ اللهْ اللهُ
اللهْ اللهُ تَبَارَكَ اللهُ
අල්ලාහ් අල්ලාහ්, අල්ලාහ් අල්ලාහ්
අල්ලාහ් අල්ලාහ්, අල්ලාහ් අති උතුම්ය!
مَنْ مِثْلُ أَحْمَدَ فِي الكَوْنَيْنِ نَهْوَاهُ
بَدْرٌ جَمِيعُ الوَرَى فِي حُسْنِهِ تَاهُوا
ලෝ ද්විත්වයෙහිම අප ආදරය කරන අහ්මද් වැනි වූවෙක් තවත් කවුරුද?
පූර්ණ චන්ද්‍රයෙකි එතුමා, මුළු සත්ව ලෝකයම එතුමාගේ රුවෙන් මුසපත් වී ඇත
مَن مِثْلُهُ وَ إِلَهُ الْعَرْشِ شَرَّفَهُ
بِالْخَلْقِ وَ الْخُلْقِ إِنَّ اللَّهَ أَعْطَاهُ
එතුමා හා සමාන කවුරුද? මහා අර්ෂ්හි හිමියා එතුමාට ගෞරව කළේය
උතුම් රුවින් හා යහගුණයෙන් සැබැවින්ම දෙවිඳාණන් එතුමාට ප්‍රදානය කළේය
وَالشَّمْسُ تَخْجَلُ مِنْ أَنْوَارِ طَلْعَتِهِ
حَارَتْ عُقُولُ الْوَرَى فِي فَهْمِ مَعْنَاهُ
එතුමාගේ උදාවෙහි ආලෝකයෙන් සූර්යයා පවා ලැජ්ජාවට පත් වෙයි
එතුමාගේ සැබෑ තතු වටහා ගැනීමට මිනිස් බුද්ධිය අන්දමන්ද වෙයි
تَبَارَكَ اللَّهُ مَا أَحْلَى شَمَائِلَهُ
حَازَ الْجَمَالَ فَمَا أَبْهَى مُحَيَّاهُ
දෙවිඳාණන් අති උතුම්ය, එතුමාගේ ගුණාංග කොතරම් මිහිරිද?
සියලු සෞන්දර්යය හිමි කරගත් එතුමාගේ මුහුණ කොතරම් ශෝභමානද?
يَا عُرْبَ وَادِي النَّقَى يَا أَهْلَ كَاظِمَةٍ
فِي حَيِّكُمْ قَمَرٌ فِي الْقَلْبِ مَثْوَاهُ
අල්-නුකා නිම්නයේ අරාබිවරුනි, කාළිමා වැසියනි
ඔබගේ පෙදෙසෙහි සඳක් වැනි වූ උතුමෙකු වසයි, එතුමාගේ නිවහන අප හදවතයි
صَلَّى عَلَيْهِ إِلَهُ الْعَرْشِ مَا طَلَعَتْ
شَمْسٌ وَ مَا حَدْحَدَ الْحَادِي مَطَايَاهُ
අර්ෂ්හි හිමියාණන්ගේ ආශිර්වාදය එතුමාට අත්වේවා, හිරු උදාවන තාක්
කිසිදු හිරු හෝ මග පෙන්වන්නෙකු එතුමාගේ මාවත හා සම නොවීය
اللهُ بِالْمَدْحِ لِلْمُخْتارِ مَنَّ عَلَيّْ
عَسَى يُرى لِيَ بَيْنَ المَادِحِيْنَ حَلَي
තෝරාගත් උතුමාට ප්‍රශංසා කිරීමට අල්ලාහ් මට වරම් දුන්නේය
ප්‍රශංසා කරන්නන් අතර මටත් අලංකාරයක් ලැබෙනු ඇතැයි මම පතමි
إِذَا أَتَيْتُ لِأَقْرَا الصُّحْفَ مِنْ عَمَلِيْ
مَالِي سِوَى مَنْ لَهُ فَضْلٌ يُشِيْرُ إِلَىّ
මා කළ ක්‍රියාවන්ගේ වාර්තා කියවන්නට මම පැමිණි කල
අනුග්‍රහය දක්වන, මට පිහිට වන උතුමාණන් හැර මට වෙනත් කිසිවෙක් නැත
مُحَمَّدٌ سَيِّدُ الكَوْنَيْنِ وَالثَّقَلَيْـنِ
وَالفَرِيقَيْنِ مِنْ عُرْبٍ وَمِنْ عَجَمِ
මුහම්මද් තුමාණෝ ලෝ ද්විත්වයෙහි සහ ජින් හා මිනිස් වර්ගයාගේ ස්වාමියාය
අරාබි සහ අරාබි නොවන ජන කොටස් දෙකෙහිම නායකයාණෝය
هُوَ الحَبِيبُ الذِّي تُرْجَى شَفَاعَتُهُ
لِكُلِّ هَوْلٍ مِنَ الأَهْوَالِ مُقْتَحَمِ
එතුමාණෝ අපගේ ආදරණීයයාය, එතුමාගේ මැදිහත් වීම අපි පතන්නෙමු
අප වෙලා ගන්නා වූ සෑම බිහිසුණු අවස්ථාවකදීම එතුමා පිහිට වනු ඇත
نَبِيُّنَا الآمِرُ النَّاهِي فَلاَ أَحَدٌ
أَبَرَّ فِي قَوْلِ لاَ مِنْهُ وَلاَ نَعَمِ
අපගේ නබිතුමා යහපත අණ කරන්නා සහ අයහපත වළක්වන්නාය
‘ඔව්’ හෝ ‘නැත’ යන තම වචනයෙහි එතුමාට වඩා සත්‍යවාදී අයෙක් තවත් නැත
كَالزَّهْرِ فِي تَرَفٍ وَالبَدْرِ فِي شَرَفٍ
وَالبَحْرِ فِي كَرَمٍ وَالدَّهْرِ فِي هِمَمِ
සෞම්‍යත්වයෙන් මලක් වැනිය, උදාරත්වයෙන් පූර්ණ චන්ද්‍රයා වැනිය
ත්‍යාගශීලීත්වයෙන් සාගරයක් වැනිය, අධිෂ්ඨානයෙන් කාලය වැනිය
يِا رَبِّ بِالمُصْطَفَى بَلِّغْ مَقَاصِدَنَا
وَاغْفِرْ لَنَا مَا مَضَى يَا وَاسِعَ الكَرَمِ
මාගේ ස්වාමීනි, තෝරාගත් උතුමාගේ නාමයෙන් අපගේ අරමුණු ඉටු කර දෙන්න
අපගේ අතීත වැරදිවලට සමාව දෙන්න, අසීමිත කරුණාවන්තයාණෙනි
وَاغْفِرْ إِلَهِي لِكُلِ المُسْلِمِينَ بِمَا
يَتْلُونَ فِي المَسْجِدِ الأَقْصَى وَفِي الحَرَمِ
මාගේ දෙවිඳාණනි, සියලු මුස්ලිම්වරුන්ගේ වැරදිවලට සමාව දෙනු මැනව
අල්-අක්සා සහ හරාම් මස්ජිදයන්හි ඔවුන් පාරායනය කරන දෑ වෙනුවෙන්
بِجَاهِ مَنْ بَيْتُهُ فِي طَيْبَةٍ حَرَمٌ
وَإسْمُهُ قَسَمٌ مِنْ أَعْظَمِ الْقَسَمِ
තායිබා නුවර තම නිවහන පූජනීය කළ උතුමාගේ ගෞරවය උදෙසා
එතුමාගේ නාමය අති ශ්‍රේෂ්ඨ දිවුරුම්වලින් එකක්ම වන්නේය