لَمْ يَخْلُقِ الرَّحْمَنُ مِثْلَ مُحَمَّدٍ
පරම කාරුණිකයාණෝ මුහම්මද් තුමාණන් වැනි කිසිවෙකු මැවූයේ නැත.
Si
لَمْ يَخْلُقِ الرَّحْمَنُ مِثْلَ مُحَمَّدٍ
بَيْنَ الْوَرَى بَشَراً عَلَى الْإِطْلَاقِ
පරම දයාබරයාණෝ මුහම්මද් තුමාණන් බඳු කිසිවකු මවා නැත
සකල සත්වයා අතර එවන් මිනිසෙකු කිසිසේත්ම නොවීය
كَلَّا وَلَا عَرَفَ الْخَلَائِقُ قَدْرَهُ
مَا فَوْقَهُ حَقّاً سِوَى الْخَلَّاقِ
කිසිසේත්ම මැවුම් ලෝකයා එතුමාණන්ගේ උදාරත්වය වටහා නොගත්තෝය
සැබවින්ම මැවුම්කරු හැර එතුමාණන්ට ඉහළින් අන් කිසිවෙක් නැත
مَاذَا أَقُولُ بِوَصْفِهِ وَمَدِيحِهِ
وَسَنَاهُ دَوْماً بَاهِرُ الْإِشْرَاقِ
එතුමාණන් වර්ණනා කරමින් ගුණ ගැයීමට මා කුමක් පවසන්නද?
එතුමාණන්ගේ දීප්තිමත් තේජස නිරතුරුවම මහා කාන්තියෙන් බබළයි
وَهُوَ الَّذِي لِلْخَلْقِ أُرْسِلَ رَحْمَةً
وَأَتَى يُتَمِّمُ مَكَارِمَ الْأَخْلَاقِ
එතුමාණන් මුළු මැවුම් ලෝකයටම දයාවක් ලෙස එවන ලද්දේය
උත්තම සදාචාරාත්මක ගුණාංගයන් සම්පූර්ණ කිරීමට එතුමාණෝ වැඩම කළහ