يَا قُبَّةَ الْخَضْرَا مَالِكْ
O Green Dome, How Captivating You Are
Si
Si
يَا قُبَّةَ الْخَضْرَا مَالِكْ
فَتَنْتِينَا بِجَمَالِكْ
හරිත මහා මන්දිරයෙනි, ඔබට කුමක් වීද?
ඔබ ඔබේ රූ සිරියෙන් අප වසඟ කළේය.
قَالَتْ جَمَالِي بِمُحَمَّدْ
نَوَّرْ جَمِيعَ الْمَمَالِكْ
එය පැවසීය, "මාගේ සිරියාව මුහම්මද් තුමාණන් නිසාය"
"එතුමාණන් සියලු ලෝකයන් ආලෝකවත් කළේය."
حَوَيْتِ خَيْرَ الْبَرِيَّةْ
سَامِي الْعُلَا وَالْمَزَايَا
මැවුම්කරුවාණන්ගේ උතුම්ම මැවීම ඔබ තුරුලේය
එතුමාණන් උත්තරීතර ගුණයෙන් හා උදාරත්වයෙන් පිරිපුන්ය.
لَهُ تَسِيرُ الْمَطَايَا
مِنْ كُلِّ تِلْكَ الْمَمَالِكْ
එතුමාණන් වෙතට සැම දෙසින් වාහන ඇදී එයි
ඒ සියලුම දේශ දේශාන්තරයන්ගෙන්.
يَا قُبَّةَ الْخَضْرَا مَالِكْ
فَتَنْتِينَا بِجَمَالِكْ
හරිත මහා මන්දිරයෙනි, ඔබට කුමක් වීද?
ඔබ ඔබේ රූ සිරියෙන් අප වසඟ කළේය.
قَالَتْ جَمَالِي بِمُحَمَّدْ
نَوَّرْ جَمِيعَ الْمَمَالِكْ
එය පැවසීය, "මාගේ සිරියාව මුහම්මද් තුමාණන් නිසාය"
"එතුමාණන් සියලු ලෝකයන් ආලෝකවත් කළේය."
لَاحَتْ عَلَيْنَا أَنْوَارُهْ
فَاضَتْ عَلَيْنَا أَسْرَارُهْ
එතුමාණන්ගේ ආලෝක ධාරාවන් අප වෙත පතිත විය
එතුමාණන්ගේ පරම රහස්‍යයන් අප වෙත ගලා ආවේය.
بُشْرَى لَكُمْ يَا زُوَّارُهْ
بَعْدَ أَدَاءِ الْمَنَاسِكْ
එතුමාණන් බැහැදකින්නෙනි, ඔබට සුබ පැතුම්
ආගමික වතාවත් නිසි ලෙස නිම කළ පසු.
يَا قُبَّةَ الْخَضْرَا مَالِكْ
فَتَنْتِينَا بِجَمَالِكْ
හරිත මහා මන්දිරයෙනි, ඔබට කුමක් වීද?
ඔබ ඔබේ රූ සිරියෙන් අප වසඟ කළේය.
قَالَتْ جَمَالِي بِمُحَمَّدْ
نَوَّرْ جَمِيعَ الْمَمَالِكْ
එය පැවසීය, "මාගේ සිරියාව මුහම්මද් තුමාණන් නිසාය"
"එතුමාණන් සියලු ලෝකයන් ආලෝකවත් කළේය."
يَا سَعْدَ مَنْ شَمَّ تُرَابَهْ
شَوْقاً وَقَبَّلْ أَعْتَابَهْ
ඒ පින්බිමේ සුවඳ විඳින තැනැත්තා කෙතරම් භාග්‍යවන්තද
මහත් වූ ආශාවෙන් එහි දොරකඩ සිපගන්නා ඔහු.
تَزُولُ عَنْهُ أَتْعَابُهْ
يَأْمَنْ جَمِيعَ الْمَهَالِكْ
ඔහුගේ සියලු පීඩාවන් ඔහුගෙන් දුරු වී යයි
සියලු විපත්වලින් ඔහු සුරක්ෂිත වනු ඇත.
يَا قُبَّةَ الْخَضْرَا مَالِكْ
فَتَنْتِينَا بِجَمَالِكْ
හරිත මහා මන්දිරයෙනි, ඔබට කුමක් වීද?
ඔබ ඔබේ රූ සිරියෙන් අප වසඟ කළේය.
قَالَتْ جَمَالِي بِمُحَمَّدْ
نَوَّرْ جَمِيعَ الْمَمَالِكْ
එය පැවසීය, "මාගේ සිරියාව මුහම්මද් තුමාණන් නිසාය"
"එතුමාණන් සියලු ලෝකයන් ආලෝකවත් කළේය."
صَلُّوا عَلَيْهِ يَا حُضَّارْ
وَالْآلِ وَالْصَّحْبِ الْأَخْيَارْ
මෙහි පැමිණ සිටින ඔබ සැම එතුමාණන්ට සලවාත් පතන්න
එතුමාණන්ගේ පවුලේ අයට හා උත්තම සගයන්ටද එසේම පතන්න.
تَنْجُو غداً مِنْ عَذَابِ الْنَّارْ
وَتَرْبَحُوا عَفْوَ الْمَالِكْ
මතු දිනයෙක නිරාගින්නෙන් ඔබ නිදහස් වනු ඇත
පරම ස්වාමියාණන්ගේ සමාව ඔබට උරුම වනු ඇත.