يَمِّمْ نَحْوَ الْمَدِينَةْ تَرَى الْأَنْوَارْ
මදීනාව දෙසට යොමු වන්න, ඔබට ආලෝකයන් පෙනෙනු ඇත.
Si
Si
يَمِّمْ نَحْوَ الْمَدِينَةْ تَرَى الْأَنْوَارْ
وَاقْصُدْ حِمَى نَبِيِّنَا طَهَ الْمُخْتَارْ
මදීනාව දෙසට පියමං කරන්න, එවිට ඔබට ආලෝකයන් දිස්වනු ඇත
තෝරාගනු ලැබූ තාහා නම් වූ අප නබිතුමාණන්ගේ අභයභූමිය වෙත යන්න
مُحَمَّدْ يَا أَبَا الْزَّهْرَا نَرْجُو نَظْرَةْ
أَرَى الْقُبَّةَ الْخَضْرَا لَيْلًا وَنَهَارْ
අහෝ මුහම්මද්, සහ්රාගේ පියාණෙනි, අපි ඔබගේ බැල්මක් පතන්නෙමු
දිවා රෑ නොතකා මම ඒ හරිත ගෝලාකාරය දකිමි
مُحَمَّدْ يَا أَبَا الْقَاسِمْ إِنِّي هَائِمْ
عَسَى تَقْبَلْنِيْ خَادِمْ أَنَا وَالْحُضَّارْ
අහෝ මුහම්මද්, කාසිම්ගේ පියාණෙනි, මම අතිශයින් ප්‍රේමයෙන් මුසපත් වී සිටිමි
මා සහ මෙහි සිටින සියල්ලන්ව සේවකයන් ලෙස ඔබ පිළිගනු ඇතැයි පතමි
فَامْدُدْ يَدَكْ وَالْبَاعَا وَالْذِّرَاعَا
وَاطْلُبْ مِنْهُ الْشَّفَاعَةْ وَقْتَ الْأَسْحَارْ
එබැවින් ඔබගේ දෑත් සහ බාහුව දිගු කරන්න
අලුයම් යාමයේදී එතුමාණන්ගෙන් මැදිහත් වීම අයැදින්න
وَقِفْ حَوْلَ الْضَّرِيحِ يَا فَصِيحِ
وَاغْسِلْ قَلْبَ الْجَرِيحِ مِنَ الْأَْكْدَارْ
අහෝ වාග්චාතුර්යය ඇත්තාණෙනි, ඒ ආශීර්වාද ලත් සොහොන් ගැබ අසල නැවතී සිටින්න
තුවාල වූ හදවතේ ඇති සියලු සෝකයන් සෝදා හරින්න