مَا مَدَّ لِخَيْرِ الْخَلْقِ يَدَا
Extend Your Hand
Si
الله الله الله الله الله الله
لَا إِلَٰهَ إِلَّا ٱللَّٰهْ
අල්ලාහ් අල්ලාහ් අල්ලාහ් අල්ලාහ් අල්ලාහ් අල්ලාහ්
අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත
مَا مَدَّ لِخَيْرِ الْخَلْقِ يَدَا
أَحَدٌ إِلَّا وَبِهِ سَعِدَا
මැවුම්තරුන් අතරින් උතුම් වූවාණන් වෙත කිසිවෙකු දෑත් දිගු නොකළේය
ඔහු භාග්‍යවන්තයෙකු වූවා මිස
فَلِذَاكَ مَدَدْتُ إِلَيْهِ يَدِي
وَبِذَلِكَ كُنْتُ مِنَ الْسُّعَدَا
එබැවින් මම එතුමන් වෙත මාගේ දෑත් දිගු කළෙමි
ඒ තුළින් මම ද භාග්‍යවන්තයින් අතරට එක්වීමි
بَابٌ لِلَّهِ سَمَا وَعَلَا
شَرَفاً وَامْتَازَ بِكُلِّ عُلَا
එතුමන් අල්ලාහ් වෙත වූ උත්කෘෂ්ට ද්වාරයකි
ගෞරවයෙන් හා උසස් බවින් එය අතිශය විශිෂ්ට විය
وَالْكُلُّ بِدَعْوَتِهِ اتَّصَلَا
بِاللهِ وَحَازَ بِهِ الْمَدَدَا
සෑම කෙනෙකුම එතුමන්ගේ ඇරයුමෙන් සම්බන්ධ වූහ
අල්ලාහ් සමඟ, එතුමන් මඟින් ඔවුහු පිහිට ලබා ගත්හ
إِنِّي فِي الْعُسْرِ وَفِي الْيُسْرِ
بِحِمَاهُ أَلُوذُ مَدَى الْعُمْرِ
සැබවින්ම මම දුකේදී මෙන්ම සැපේදී ද
ජීවිත කාලය පුරා එතුමන්ගේ රැකවරණය පතමි
وَأَقُولُ أَغِثْنِي يَا ذُخْرِي
وَأَنِلْنِي مِنْ كَفَّيْكَ نَدَا
මාගේ අගනා සම්පත වූවාණෙනි, මට පිහිට වන්නැයි පවසමි
ඔබගේ සුරතින් කරුණාවේ සිසිලස මට අත්කර දෙන්න
وَعَلَيْنَا تَعَطَّفْ يَا أَمَلِي
بِشِفَاءِ الْقَلْبِ مِنَ الْعِلَلِ
මාගේ එකම බලාපොරොත්තුව වූවාණෙනි, අප කෙරෙහි දයාව දක්වන්න
හදවතේ රෝග සුවපත් කිරීම මඟින්
أَيَكُونُ مُحِبُّكَ فِي وَجَلٍ
وَبِجَاهِكَ لَا أَخْشَى أَحَدَا
ඔබගේ ප්‍රේමවන්තයා කිසිදා බියෙන් පසුවේවිද?
ඔබගේ ගෞරවය නිසා මම කිසිවෙකුට බිය නොවෙමි
لَا أَرْجُو غَيْرَكَ إِنْ جَارَا
دَهْرِي وَعَدِمْتُ الْأَنْصَارَا
කාලය මට එරෙහි වී මා අසරණ වූ කල
ඔබ හැර අන් කිසිවෙකුගෙන් මම පිළිසරණක් නොපතමි
بِحَيَاتِكَ أَلْقِ الأَنْظَارَا
كَرَماً يَا أَفْضَلَ مَنْ سَجَدَا
ඔබගේ ජීවිතය මත දිවුරා පවසමි, මා වෙත කරුණා බැල්මක් හෙළන්න
සුජූද් කරන්නන් අතරින් අතිශයින්ම උතුම් වූවාණෙනි
أَنْتَ الْمُخْتَارُ مِنَ القِدَمِ
يَا خَيْرَ شَفِيعٍ فِي الأُمَمِ
ඔබ අනාදිමත් කලක සිට තෝරාගනු ලැබූ ශුද්ධවන්තයාණන්ය
සියලු ජාතීන් අතර සිටින උතුම්ම මැදිහත්කරුවාණෙනි
وَبِنُورِكَ مِنْ بَعْدِ الْعَدَمِ
وَجْهُ الْتَّكْوِينِ زَهَا وَبَدَا
ශුන්‍යතාවයෙන් පසුව ඔබගේ ආලෝකය හේතුවෙන්
මුළු මහත් මැවීමේ මුහුණත බැබළී දර්ශනය විය
وَصَلَاةُ اللهِ بِلَا حَصْرِ
لَكَ تُهْدَى يَا سَامِي الْقَدْرِ
අල්ලාහ්ගේ අපිරිමිත වූ ආශිර්වාදයන්
උසස් තත්ත්වයක් හිමි ඔබ වෙත පිරිනැමේවා
وَالْآلِ مَعَ الْصَّحْبِ الْغُرِّ
مَا حَادِي الْعِيسِ نَشَا وَصَدَى
ඔබගේ පවුලේ අය සහ උතුම් සහායකයින් කෙරෙහි ද එය වේවා
ඔටු පාලකයා ගී ගයමින් කාන්තාරයේ යන තාක් කල්