رَقَّتْ عَيْنَايَ شَوْقًا
මගේ දෑස් ආශාවෙන් කඳුළු සැලුවා.
Si
السَّلَامُ عَلَيْكَ يَا رَسُولَ الله
السَّلَامُ عَلَيْكَ يَا حَبِيبِي
ඔබ කෙරෙහි ශාන්තිය අත්වේවා, අල්ලාහ්ගේ දූතයාණෙනි
ඔබ කෙරෙහි ශාන්තිය අත්වේවා, මාගේ ප්‍රියයාණෙනි
يَا نَبِيَّ اللهِ يَا رَسُولَ الله
අල්ලාහ්ගේ නබිවරයාණෙනි, අල්ලාහ්ගේ දූතයාණෙනි
رَقَّتْ عَيْنَايَ شَوْقًا
وَلِطَيْبَةَ ذَرَفَتْ عِشْقًا
මහත් වූ ආශාවෙන් මා නෙත් තෙත් විය
තයිබා නුවර වෙනුවෙන් ආදරයේ කඳුළු වැගිරුණි
فَأَتَيْتُ إِلَى حَبِيبِي
فَاهْدَأْ يَا قَلْبُ وَرِفْقًا
එබැවින් මම මාගේ ප්‍රියයාණන් වෙත පැමිණියෙමි
මාගේ හදවත සන්සුන් වන්න, මෘදු වන්න
صَلِّ عَلَى مُحَمَّدْ
මුහම්මද් තුමාණන් කෙරෙහි ආශිර්වාද පතන්න
السَّلَامُ عَلَيْكَ يَا رَسُولَ الله
السَّلَامُ عَلَيْكَ يَا حَبِيبِي
ඔබ කෙරෙහි ශාන්තිය අත්වේවා, අල්ලාහ්ගේ දූතයාණෙනි
ඔබ කෙරෙහි ශාන්තිය අත්වේවා, මාගේ ප්‍රියයාණෙනි
يَا نَبِيَّ اللهِ يَا رَسُولَ الله
අල්ලාහ්ගේ නබිවරයාණෙනි, අල්ලාහ්ගේ දූතයාණෙනි
قَلْبٌ بِالْحَقِّ تَعَلَّقْ
وَبِغَارِ حِرَاءَ تَأَلَّقْ
සත්‍යය සමඟ බැඳුණු හදවතක්
හිරා ගුහාව තුළ එය විචිත්‍රව බැබළුණි
يَبْكِي يَسْأَلُ خَالِقَهُ
فَأَتَاهُ الْوَحْيُ فَأَشْرَقْ
ඔහු සිය නිර්මාණකරුගෙන් අයදිමින් වැලපුණි
එවිට දේව පණිවිඩය පහළ වී එය ආලෝකවත් විය
ٱقْرَأْ ٱقْرَأْ يَا مُحَمَّدْ
කියවන්න! කියවන්න, ඕ මුහම්මද් තුමාණෙනි
السَّلَامُ عَلَيْكَ يَا رَسُولَ الله
السَّلَامُ عَلَيْكَ يَا حَبِيبِي
ඔබ කෙරෙහි ශාන්තිය අත්වේවා, අල්ලාහ්ගේ දූතයාණෙනි
ඔබ කෙරෙහි ශාන්තිය අත්වේවා, මාගේ ප්‍රියයාණෙනි
يَا نَبِيَّ اللهِ يَا رَسُولَ الله
අල්ලාහ්ගේ නබිවරයාණෙනි, අල්ලාහ්ගේ දූතයාණෙනි
يَا طَيْبَةُ جِئْتُكِ صَبَّا
لِرَسُولِ اللهِ مُحِبَّا
ඕ තයිබා නුවර, මම ඔබ වෙත ප්‍රේමයෙන් මුසපත් වී පැමිණියෙමි
අල්ලාහ්ගේ දූතයාණන්ට ආදරය කරමින්
بِالرَّوْضَةِ سَكَنَتْ رُوحِي
وَجِوَارَ الْهَادِي مُحَمَّدْ
රව්ළා උයනෙහි මා ආත්මය ලැගුම් ගත්තේය
මඟ පෙන්වන්නා වූ මුහම්මද් තුමන්ගේ සමීපයෙහි