يَا وَاهِبَ الْإِنْسَانِ أَسْبَابَ الْهُدَى
මනුෂ්ය වර්ගයාට යහමඟෙහි මංපෙත් ප්රදානය කරන්නාණෙනි
Si
يَا وَاهِبَ الْإِنْسَانِ أَسْبَابَ الْهُدَى
يَا مَنْ بِحَمْدِ الْعَالَمِينَ تَفَرَّدَا
මනුෂ්ය වර්ගයාට මඟපෙන්වීමේ මාවත් ප්රදානය කළ තැනැත්තාණෙනි,
ලෝවැසියන්ගේ පූර්ණ ප්රශංසාවට තනිවම හිමිකම් කියන තැනැත්තාණෙනි
لِي عِنْدَ بَابِكَ يَا إِلَهِي دَعْوَةٌ
فِيهَا رَجَاءُ الْعُمْرِ جَاءَ مُجَسَّدَا
මාගේ දෙවියනි, ඔබගේ දොරකඩ මා හට එක් ආයාචනයක් ඇත,
එහි මුළු ජීවිත කාලයක බලාපොරොත්තුව මූර්තිමත් වී ඇත
أَنْتَ الَّذِي مَا خَابَ عِنْدَكَ سَائِلٌ
أَيَكُونُ بَابُكَ دُونَ سُؤْلِي مُؤْصَدَا
ඔබ ඉදිරියට එන කිසිදු අයැදුම්කරුවෙකු කිසිදා අධෛර්යයට පත් නොවන්නේය,
මාගේ ඉල්ලීම ඉදිරියේ ඔබගේ දොරටුව වැසී තිබිය හැකිද?
فَبِفَضْلِكَ اللَّهُمَّ عِشْتُ مُوَحِّدا
أَيُرَدُّ عِنْدَكَ مَنْ أَتَاكَ مُوَحِّدَا
අල්ලාහ් දෙවිඳාණෙනි, ඔබගේ අනුග්රහයෙන් මම ඔබගේ ඒකීයත්වය අදහමින් ජීවත් වූයෙමි,
ඔබගේ ඒකීයත්වය පිළිගෙන ඔබ වෙත එන්නා වූ අයෙකු බැහැර කරනු ලැබේද?
سُؤْلِي كَذَاتِكَ وَاحِدٌ فَبِحَقِّهَا
لَوْ لَحْظَةً دَعْنِي أُشَاهِدَ أَحْمَدَا
ඔබගේ සාරය ඒකීය වන්නා සේම මාගේ ඉල්ලීමද එකමය; එබැවින් ඒ ඒකීයත්වය උදෙසා,
මඳ මොහොතකට හෝ අහ්මද් (නබිතුමාණන්) දැක ගැනීමට මට අවසර දෙනු මැනව