يا مَنْ يَرَى أدمُعِي تَنْهَلُّ كالدِّيَمِ
O You Who See My Tears Pouring Down Like Ceaseless Rain
Si
Si
يا مَنْ يَرَى أدمُعِي تَنْهَلُّ كالدِّيَمِ
مِنْ مُقْلَتيَّ وجِسْمِي بَادِيَ الْسَّقَمِ
නොනැවතී වසින වැස්සක් මෙන් මගේ කඳුළු ගලායනු දකිනා ඔබ
මගේ දෑසින් කඳුළු ගලයි, රෝගී බව මගේ සිරුරෙන් දිස්වේ
لا تَعجَبنَّ وإنْ أصْبَحْتُ كالرِّمَمِ
رِيمٌ على القَاعِ بينَ البَانِ والْعَلَمِ
මා පණ නැති දේහයක් මෙන් වුවද ඒ ගැන මවිත නොවන්න
බාන් ගස් හා කන්ද අතර තැනිතලාවේ සිටින මුවැත්තියක් නිසාය
أَحَلَّ سَفْكَ دَمِي في الأَشْهُرِ الْحُرُمِ
واعْجَبْ لأَمْرِي فإنّي لَمْ أكُنْ أَبَدَا
තහනම් මාසයන්හිදී පවා මගේ ලේ වැගිරීම ඇය අනුමත කළාය
මාගේ ඉරණම ගැන පුදුම වන්න, මක්නිසාද යත් මම කිසිදා
أَخشَى الشَّدَائِدَ لوْ مَدَّتْ إلَيَّ يَدَا
لَكِنَّمَا الْحُبُّ أَصْمَانِي فَقُلْتُ سُدَى
දුෂ්කරතා මා වෙත දෑත් දිගු කළද මම කිසිදා බිය නොවූවෙමි
එහෙත් ආදරය මා බිහිරි කළේය, මා පැවසූ වදන් නිෂ්ඵල විය
رَمَى القَضَاءُ بِعَينَيْ جُؤذُرٍ أَسَدَا
يا سَاكِنَ اَلْقَاعِ أدرِك سَاكِنَ الأَجَمِ
දෛවය මුවැත්තියකගේ නෙත් මගින් සිංහයෙකු දමනය කළේය
තැනිතලාවේ වසන්නියනි, වනයේ වසන්නා බේරා ගැනීමට එන්න
صَالَ الْحَبِيبُ بِنَبْلِ الطَّرْفِ ذِي الْعُدَدِ
عَلَى فُؤَادِي وَخَـلاَّني بِلاَ رَشَدِ
ප්‍රේමවන්තයා තියුණු බැල්ම නමැති හී සරින් මගේ හදවතට පහර දුන්නේය
මාව නිසි මඟ පෙන්වීමක් නොමැතිව අතරමං කර දැමුවේය
وَإِذْ رَمَانِي وَأَوْهَى سَهْمُهُ جَلَدِي
جَحَدْتُها وَكَتَمْتُ الْسَّهْمَ فِي كَبِدِي
ඔහු මට විද මගේ ඉවසීම දුර්වල කළ විට
මම ඒ තුවාලය සඟවා හී සර මගේ හදවත තුළම රඳවා ගත්තෙමි
جُرْحُ الأَحِبَّةِ عِنْـدِي غَيْرُ ذِي أَلَمِ
إذا بَدا قَمَرِي لا يَظْهَرُ القَمَرُ
ප්‍රේමවන්තයාගෙන් ලත් තුවාල මට කිසිදු වේදනාවක් නොදේ
මාගේ සඳ උදා වූ විට, අහසේ සඳ පවා සැඟවී යයි
قَدْ طَالَ في حُبِّهِ التَّفْكيرُ والْسَهَرُ
رُوحِي لَهُ ودَمِي والْسَّمْعُ والْبَصَرُ
ඔහුගේ ආදරය නිසා සිතුවිලි සහ නිදි වරා සිටීම දීර්ඝ විය
මගේ ආත්මය, රුධිරය, ශ්‍රවණය සහ දැකීම ඔහු සතුය
يا لائِمِي في هَواهُ والْهَوَى قَدَرُ
لو شَفَّكَ الْوَجْدُ لَمْ تَعْذِلْ ولمْ تَلُمِ
ඔහුගේ ආදරය ගැන මට දොස් පවරන්නා වූ ඔබ, ආදරය යනු දෛවයයි
මේ විරහව ඔබව දවාලුවේ නම්, ඔබ මට දොස් නොපවරනු ඇත