حُبُّ الْحُسَيْنْ
හුසේන් කෙරෙහි ආදරය
Si
حُبُّ الْحُسَيْنْ وَسِيلَةُ الْسُّعَدَاءِ
وَضِيَاؤُهُ قَدْ عَمَّ فِي الْأَرْجَاءِ
හුසෙයින් තුමන් කෙරෙහි ආදරය සදාතනික භාග්‍යයේ මාවතයි
උන්වහන්සේගේ ආලෝකය නන් දෙස විහිදී පැතිර ගියේය
سِبْطٌ تَفَرَّعَ مِنْهُ نَسْلُ الْمُصْطَفَى
وَأَضَاءَ مِصْرْ بِوَجْهِهِ الْوَضَّاءِ
තෝරාගත් උත්තමයාණන්ගේ පරම්පරාව බැබළවූ මුණුබුරු තුමෙකි
තම තේජවත් මුහුණින් මිසර දේශය ආලෝකවත් කළේය
فَهُوَ الْكَرِيمْ اِبْنُ الْكَرِيمْ
وَجَدُّهُ خَيْرُ الْأَنَامْ وَسَيِّدُ الْشُّفَعَاءِ
උන්වහන්සේ උදාර පියෙකුගේ උදාර පුත්‍රයාණෝමය
මැවිල්ලේ උත්තමයාණන් හා මැදිහත්කරුවන්ගේ ස්වාමියා උන්වහන්සේගේ මුත්තණුවන්ය