اَلْهِجْرَةُ رِحْلَةُ هَادِيْنَا
හිජ්රතය අපගේ මඟපෙන්වන්නාගේ ගමනයි
Si
اَلْهِجْرَةُ رِحْلَةُ هَادِيْنَا
حَمَلَ الْإِسْلَامَ لَنَا دِيْنَا
හිජ්රාව අප මඟපෙන්වන්නාණන්ගේ ගමනයි
ඔහු ඉස්ලාමය අප වෙනුවෙන් දහම ලෙස රැගෙන ආවේය
فَسَلَامُ اللّٰهِ عَلَی الْهَادِيْ
وَالْكَوْنُ يُرَدِّدُ آمِيْنَا
මඟපෙන්වන්නාණන්ට දෙවිඳුන්ගේ ශාන්තිය අත්වේවා
මුළු මහත් විශ්වයම "ආමීන්" හඬ නගද්දීය
رَحَلَ الْصِّدِّيقُ عَنِ الْدَّارِ
فِی صَحْبَةِ خَيْرِ الْأَبْرَارِ
අල්-සිද්ධීක් තුමාණෝ සිය නිවසින් නික්මුණහ
උතුම් වූ සත්පුරුෂයාණන්ගේ ඇසුර මධ්‍යයේය
صَلَوَاتُ اللّٓهِ تُبَارِکُهُ
مَلَأَ الْدُّنْيَا بِالْأَنْوَارِ
අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔහුට හිමිවේවා
ඔහු මුළු ලොවම ආලෝක දහරින් පුරවාලීය
اَللّٰهُ تَكَفَّلَ يَحْمِيْهِ
وَعَلِيٌّ أَصْبَحَ يَفْدِيْهِ
අල්ලාහ් දෙවිඳුන් ඔහුගේ ආරක්ෂාව භාරගත්තේය
අලි (තුමා) ඔහු වෙනුවෙන් තම දිවි පිදීමට සැරසුණේය
وَبِسِرِّ الْقَوْمِ الْأَشْرَارِ
بِنْتُ الْصِّدِّيْقِ تُوَافِيْهِ
දුෂ්ට මිනිසුන්ගේ රහස් තොරතුරුද රැගෙන
සිද්ධීක්ගේ දියණිය ඔහුව හමුවීමට පැමිණියාය
وَصَلَ الْمُخْتَارُ إِلَی طَيْبَةْ
وَ الْكُفْرُ تَرَاجَع فِی خَيْبَةْ
තෝරාගත් තැනැත්තාණෝ තායිබා වෙත සැපත්වූහ
එවිට අවිශ්වාසය පරාජය වී පලා ගියේය
وَ جُنُوْدُ اللّٰهِ تُحِيْطُ بِهِ
مِنْ نُوْرِ الْاِسْلَامِ الْهَيْبَة
අල්ලාහ්ගේ සේනාවෝ ඔහුව පිරිවරා ගත්හ
ඉස්ලාමීය ආලෝකයේ මහා තේජසින් යුක්තවය
بِالْرُّوْحِ سَنَحْمِی الْمُخْتَارا
وَ نُقَاتِلْ عَنْهُ الْكُفَّارا
අපගේ ප්‍රාණයෙන් තෝරාගත් තැනැත්තාණන් රකින්නෙමු
ඔහු වෙනුවෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට එරෙහිව සටන් කරන්නෙමු
عَهْدًا لِلّٰـهِ نُبَايِعُهُ
جُنْدًا لِلّٰـهِ وَ اَنْصَارا
අල්ලාහ් හමුවේ අපි ගිවිසුමකින් බැඳී සිටින්නෙමු
අල්ලාහ්ගේ සෙබළුන් හා සහායකයින් ලෙසින්මය