يَا أَجْمَلَ الْأَنْبِيَاء
අහෝ අනාගතවක්තෘවරුන් අතරින් අති සුන්දර වූවෝනි
Si
يَا أَجْمَلَ الْأَنْبِيَاء
يَا أَكْمَلَ الْأَصْفِيَاء
අහෝ අති සුන්දර නබිවරයාණනි
අහෝ අති සම්පූර්ණ වූ තෝරාගත් තැනැත්තාණනි
يَا خَاتَمَ الرُّسْلِ مَا
أَحْلَاكَ فِي قَلْبِي
අහෝ දූතයන්ගේ මුද්‍රාව වැනි වූ අවසානයාණනි
මගේ හදවත තුළ ඔබ කෙතරම් මිහිරිද
يَا ذَا الَّذِي نُسْخَةُ
الْأَكْوَانِ فِيْكَ مَطْوِيَّ
අහෝ විශ්වයේ සියලු අනුපිටපත්
ඔබ තුළම ගැබ්වී ඇති තැනැත්තාණනි
عَطِيَّةٌ أَزَلِيَّة
එය සදාතනික වූ තිළිණයකි
أَنْتَ الَّذِي أُعْطِيتَ
الشَّفَاعَةَ الْوَافِيَّة
ඔබයි ඒ පූර්ණ වූ මැදහත්කාරකම
පිරිනමනු ලැබූ එකම තැනැත්තා
وَ الْخَلْقُ حِينَئِذٍ
يَلْتَمِسُونَ الْأَنْبِيَاءْ
එකල සමස්ත මැවිල්ලම
නබිවරුන්ගේ පිහිට පතා යන්නාහ
ثُمَّ يُقَالُ لِلْأَنَامْ
قَدْ نِلْتُمُ الْأُمْنِيَّة
පසුව මනුෂ්‍ය වර්ගයාට පවසනු ලැබේ
සැබවින්ම ඔබගේ අභිලාෂය ඉටු වී ඇත
أَلَا اقْصِدُوْا مُحَمَّدًا
بَابَ الْإِلَهِ الْعَالِيَ
එම්බා, මුහම්මද් තුමන් වෙත යන්න
එතුමාණෝ අති උතුම් දෙවිඳුන්ගේ ද්වාරයයි
آيَاتُهُ شَافِيَة
එතුමාණන්ගේ සාධකයන් සුවදායකය
وَهُوَ الْمُعَدُّ لَهَا
وَ ذُوَ الْثَنَاءِ الْوَافِيَ
එතුමාණෝ ඒ උදෙසාම සූදානම් කරනු ලැබූවෙකි
පූර්ණ ප්‍රශංසාවට හිමිකම් කියන්නෙකි
ثُمَّ يُنَادِي سَاجِدًا
يَا رَبِّ جُدْ رَاضِيَـا
පසුව සුජූදයේ සිට මෙසේ අයැදින්නාහ
මාගේ සමිඳුනි, කරුණාවෙන් තෘප්තිමත් වනු මැනව
يُنَادِي اشْفَعْ يَا حَبِيْبِ
يَا صَفْوَةَ الْأَصْفِيَاءْ
අහෝ ප්රේමවන්තයාණනි, මැදහත් වන්න යැයි අමතනු ලැබේ
අහෝ තෝරාගත් අය අතරින් අති ශ්‍රේෂ්ඨයාණනි
وَسَلْ تُعْطَى مَا تَرُوْم
وَلَا تَدَعْ عَاصِيَا
ඔබ පතන දේ ඉල්ලන්න, එය දෙනු ලැබේ
කිසිදු පව්කාරයෙකුව අත්හැර නොදමන්න
يَا صَفْوَةَ الْأَصْفِيَاءْ
අහෝ තෝරාගත් අය අතරින් අති ශ්‍රේෂ්ඨයාණනි
صَلُّوْا عَلَى مَنْ عَلَا
فَوْقَ السَّمَا رَاقِيَا
අහස් තලයෙන් ඉහළට නැඟී ගිය
ඒ උත්තමයාණන් කෙරෙහි සලවාත් පවසන්න
هذَا حَبِيْبٌ غَدًا
عَنَّا العَنَـا مَـاحِيَا
මොහු මතු දිනක අපගේ
සියලු පීඩාවන් දුරු කරන ප්රේමවන්තයාණෝය
يَا رَبَّنَا عَطَّفْ عَلَيْنَا
قَلْبَهُ الزَّاكِيَا
අපගේ දෙවියනි, එතුමාණන්ගේ පිවිතුරු හදවත
අප කෙරෙහි අනුකම්පාවෙන් නැඹුරු කරනු මැනව
وَاخْتِمْ لَنَا خِتَامَ مِسْكٍ
يَا مُجِيْبَ الدَّاعِيَا
අපගේ අවසානය කස්තුරි සුවඳින් නිමා කරනු මැනව
අහෝ යාච්ඤාවන්ට පිළිතුරු දෙන්නාණනි
بِالْأَسْرَارِ الذَّاتِـيـــة
දිව්‍යමය සාරයේ රහස් මගින්