هَذَا الْمَقَامُ الَّذِي لَاذَتْ بِهِ الْأُمَمُ
මෙය ජාතීන් රැකවරණය පැතූ ස්ථානයයි.
Si
هَذَا الْمَقَامُ الَّذِي لَاذَتْ بِهِ الْأُمَمُ
وَأَذْعَنَتْ لِعُلَاهُ الْعُرْبُ وَالْعَجَمُ
මෙය සියලු ජාතීන් සරණ ගිය උතුම් පදවියයි
අරාබි සහ අනරාබි සියල්ලෝම එහි ශ්‍රේෂ්ඨත්වයට අවනත වූහ
هَذَا مَقَامُ رَسُولِ اللَّهْ أَكْرَمُ مَنْ
جَاءَتْهُ مِنْ رَبِّهِ الْأَحْكَامُ وَالْحِكَمُ
මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ පදවියයි, එතුමාණෝ වනාහි
තම දෙවියන්ගෙන් නීති සහ ප්‍රඥාව ලැබූ ශ්‍රේෂ්ඨතම තැනැත්තාය
هَذَا مُحَمَّدُ الْهَادِي الَّذِي مُحِيَتْ
عَنَّا بِنُورِ هُدَاهُ الْظُّلْمُ وَ الْظُّلَمُ
මග පෙන්වන්නා වූ මුහම්මද් තුමාණෝ මොහුය, එතුමාගේ මග පෙන්වීමේ ආලෝකයෙන්
අප කෙරෙන් අයුක්තිය සහ අඳුර මැකී ගියේය
هَذَا الَّذِي قَدْ سَمَا فَوْقَ الْسَّمَا
إِلَى مَقَامِ عِزٍّ تَنَاهَتْ دُونَهُ الْأُمَمُ
අහස් තලයටත් ඉහළින් උතුම් තත්ත්වයකට නැගී සිටි තැනැත්තා මොහුය
එම ගෞරවනීය පදවිය හමුවේ අනෙක් සියලු ජාතීහු පසුබට වූහ
يَا سَيِّدِي يَا رَسُولَ اللَّهْ يَا أَمَلِي
يَا مَنْ أَلُوذُ بِهِ إِنْ زَلَّتِ الْقَدَمُ
මාගේ ස්වාමියෙනි, අල්ලාහ්ගේ දූතයාණෙනි, මාගේ බලාපොරොත්තුව ඔබය
මාගේ පා වැරදුණු විට මා සරණ පතන එකම පිහිට ඔබය
بِكَ اهْتَدَيْتُ إِلَى الْإِيمَانِ فَاتَّصَلَتْ
بِذَاكَ عِنْدِي مِنْ أَفْضَالِكَ الْنِّعَمُ
ඔබ නිසා මම දේව විශ්වාසය වෙත මග පෙන්වනු ලැබුවෙමි
ඒ තුළින් ඔබගේ මහා කරුණාවෙන් මට බොහෝ ආශිර්වාද හිමිවිය
صَلَّى عَلَيْكَ إِلَهُ الْخَلْقِ مَا سَجَعَتْ
وَرْقٌ وَمَا هَطَلَتْ مِنْ سُحْبِهَا دِيَمُ
පරෙවියන් නාද කරන තාක් සහ වළාකුළු වලින් වැසි ඇද හැලෙන තාක්
මැවුම්කාර දෙවිඳාණන්ගේ ආශිර්වාදය ඔබ කෙරෙහි වේවා