شَهْرُ الرَّبِيع وَافَانَا
The Month of Rabiʿ Is Upon Us
Si
شَهْرُ الرَّبِيع وَافَانَا
أَقْبَلْ عَلَيْنَا وَهَنَّانَا
රබීඋ මාසය අප වෙත සම්ප්‍රාප්ත විය
එය අප වෙත එළඹ අපව ප්‍රහර්ෂයට පත් කළේය
بِهِ أَتَانَا رَسُولُ الله
لِلدِّينِ حَقًّا هَدَانَا
ඒ සමඟ අල්ලාහ්ගේ දූතයාණෝ අප වෙත වැඩම කළහ
සැබැවින්ම දහම වෙත එතුමාණෝ අපට මඟ පෙන්වූහ
شَهْرٌ بِهِ جَاءَ الرَّسُولْ
الْهَاشِمِي بَابُ الْوُصُولْ
දූතයාණන් වැඩම කළ මාසයකි මෙය
හෂීම් වංශික වූ එතුමාණෝ (සමිපවීමේ) ද්වාරයයි
بِقُدُومِهِ نِلْنَا الْقَبُولْ
سُبْحَانَ مَنْ قَدْ أَعْطَانَا
එතුමාණන්ගේ සම්ප්‍රාප්තියෙන් අපට පිළිගැනීම හිමි විය
අපට මෙය ප්‍රදානය කළ තැනැත්තාණෝ අතිශුද්ධ වූහ
شَهْرٌ بِهِ نِلْنَا الْهُدَىٰ
وَبِهِ انْجَلَى عَنَّا الرَّدَى
අපට මඟ පෙන්වීම ලද මාසයකි මෙය
එමඟින් විනාශය අප කෙරෙන් පහ වී ගියේය
بِجَمَالِهِ لَمَّا بَدَى
مِنْ كُلِّ خَطْبٍ نَجَّانَا
එතුමාගේ ශෝභමාන රූ සපුව දිස් වූ කළ
සෑම විපතකින්ම එතුමාණෝ අපව මුදවා ගත්හ
يَا رَبِّ صَلِّ يَا سَلَامْ
عَلَى النَّبِي مَاحِي الظَّلَامْ
මාගේ ස්වාමිනි, ශාන්තිය ලබා දෙන්නාණෙනි, ආශිර්වාද පමුණුවනු මැනව
අන්ධකාරය මකා දමන නබිතුමාණන් කෙරෙහි
وَالْآلِ وَالصَّحْبِ الْكِرَامْ
مَا فِيْهِ شَادٍ غَنَّانَا
එතුමාගේ උතුම් පවුලේ පිරිස හා සහාබාවරුන් කෙරෙහිද
යමෙකු එහි ගීතිකා ගයමින් ප්‍රශංසා පමුණුවන තාක් කල්