طَابَ لِي خَلْعُ عِذَارِي
මාගේ නොහික්මුණු බව මට මනාය
Si
Si
طَابَ لِي خَلْعُ عِذَارِي
فِي هَوَى الْبَدْرِ الْتَّمَامْ
මාගේ නිදහස් හැසිරීම මට උචිතය
ඒ පුන් සඳ වන් උතුමාණන් කෙරෙහි වූ ප්‍රේමයෙන්
بِافْتِقَارِي وَانْكِسَارِي
أَرْتَجِيْ نَيْلَ الْمَرَامْ
මාගේ අසරණකම හා බිඳුණු බව තුළින්
මා පතන ඒ උතුම් අරමුණ ලැබීමට මම බලාපොරොත්තු වෙමි
يَا عَذُوْلِي لَا تَلُمْنِي
مَا عَلَى الْعَاشِقُ مَلَامْ
මා හට දොස් නගන්නාණෙනි, මට දෝෂාරෝපණය නොකරන්න
මන්ද පෙම්වතා කෙරෙහි කිසිදු දොසක් පැවරිය නොහැක
اُدْنُ مِنِّي وَارْوِ عَنِّيْ
أَنَا فِي الْعِشْقِ إِمَامْ
මා සමීපයට පැමිණ මා පවසන දෑ ලොවට දන්වන්න
මන්ද මම ප්‍රේමයේ කලාවෙහි පරතෙරට පත් වූවෙක් වෙමි
خَمْرَةُ الْأَحْبَابِ تُجْلَ
هِيَ حِلٌّ لَا حَرَامْ
ප්‍රේමවන්තයින්ගේ ඒ ප්‍රේම මධු පැන් පිරිනමනු ලැබේ
එය අනුමත වූවකි, තහනම් වූවක් නොවේ
مِنْ عُيُونِ الْعِيْنِ تُمْلَى
صَانَهَا الْبَرُّ الْسَّلَامْ
එය දිව්‍යමය නෙත් වැනි උල්පත්වලින් පිරී යයි
සර්ව කරුණාබර වූ, ශාන්තිය ලබා දෙන දෙවිඳාණන් එය ආරක්ෂා කළ සේක
يَا أَخَا الْأَشْوَاقِ يَمِّمْ
سَيِّدَ الْرُّسْلِ الْكِرَامْ
ප්‍රේමයේ පිපාසයෙන් පෙළෙන්නාණෙනි, ඔබගේ ගමන යොමු කරන්න
ඒ උදාර දූතවරුන්ගේ නායකයාණන් වෙතටයි
وَاغْنَمِ الْذِّكْرَ وَزَمْزِمْ
بِصَلَاةٍ مَعْ سَلَامْ
දේව ස්මරණය අත් කරගන්න, මිමුණන්න
එතුමාණන් කෙරෙහි ආශිර්වාදය හා ශාන්තිය පතමින්
لِحَبِيْبِ الله أَحْمَدْ
كُلَّمَا جَنَّ الْظَّلَامْ
අල්ලාහ්ගේ ප්‍රේමවන්ත අහමඩ් උතුමාණන් කෙරෙහි
රාත්‍රියේ අන්ධකාරය පැතිරෙන සෑම මොහොතකම
كُلُّ مَنْ وَالَاهُ يَسْعَدْ
وَيَنَالْ حُسْنَ الْخِتَامْ
එතුමාණන්ට ආදරය කරන්නා සතුටට පත් වන්නේය
තවද ඔහුට යහපත් අවසානයක් හිමි වන්නේය