اَلـلَّـهُ يَـا اَلـلَّـه صَـلَّـى عَـلَـى الـزَّيْـن
අල්ලාහ්, ඕ අල්ලාහ්! ඒ සුන්දරයාණන් කෙරෙහි ආශීර්වාද පතුරුවනු මැනව.
Si
اَلـلَّـهُ يَـا اَلـلَّـه
صَـلْـوا عَـلَـى الْـزَّيْـنِ
අල්ලාහ්, ඕ අල්ලාහ්!
ඒ සුන්දර අසහායයාණන් කෙරෙහි ආශිර්වාද පතනු මැනව
طَـاطَـا الْـقَـمَـرْلِأَحْـمَـد
وَانْـشَـقَّ نِـصْـفَـيْـنِـى
සඳු අහ්මද් තුමාණන්ට අවනත විය
එය දෙකඩ වී වෙන් විය
أَبُـو بَـكْـرُ يَـا صِـدِّيـقْ
صَـاحِـبِ الْـنَّـبِـى وَرَفِـيـق
අබු බක්ර්, ඕ සිද්දීක් තුමාණෙනි
නබිඳුන්ගේ මිතුරාණන් සහ සමීප සගයාණෙනි
بِرُوحُهْ فَدَاهْ فِي الضِّيقْ
مِـنْ لَـدْغَـةِ الْـنِّـيـنِـى
විපතේදී සිය පණ පූජා කර එතුමන් රැක ගත්හ
සර්ප දෂ්ටනය තමා වෙත දරා ගනිමින්
لَـمَّـا عُـمَـرْ أَسْـلَـم
فَـرِحَ الْـنَّـبِـى وَتَـبَـسَّـم
උමර් තුමා ඉස්ලාම් දහම වැළඳගත් කල
නබිඳුන් ප්‍රීති වී සිනහ පහළ කළහ
تَـبَـاشَـرَ الْإِسْـلَام
بِـدُخُـولِـهْ فِـي الْـدِّيـنِـى
ඉස්ලාම් දහම සුබ පණිවිඩයෙන් පිරිණි
එතුමන් දහමට ඇතුළු වීමත් සමඟම
عُـثْـمَـانُ يَـا عُـثْـمَـان
يَـا جَـامِـعَ الْـقُـرْءَان
උස්මාන්, ඕ උස්මාන් තුමාණෙනි
අල් කුර්ආනය එක්තැන් කළ උත්තමයාණෙනි
صِـهْـرِ الْـنَّـبِـى الْـعَـدْنَـان
زَوَّجَـهُ بِـنْـتَـيْـنِـى
අද්නානි නබිඳුන්ගේ බෑණනුවන් වූ ඔබ
එතුමන්ගේ දියණියන් දෙදෙනෙකු සරණ පාවා ගත්හ
عَـلِـىُّ يَـا كَـرَّار
سَـيْـفُـكَ طَـوِيـل بَـتَّـار
අලි, ඕ වික්‍රමාන්විත රණශූරයාණෙනි
ඔබගේ කඩුව දිගුය, මෙන්ම අතිශය තියුණුය
يَـا هَـازِمَ الْـكُـفَّـار
قَـتَـلَ الْـمَـلَاعِـيـنِـى
අවිශ්වාසිකයන් පරාජය කළ වීරයාණෙනි
ශාප ලද්දවුන් පරාජය කළ උත්තමයාණෙනි
جَـاتُـهْ الْـمُـرَبِّـيَـةْ
حَـلِـيـمَـةْ الْـسَّـعْـدِيَّـة
එතුමන් ඇති දැඩි කළ කිරි මව පැමිණියාය
හලීමා අස්-සඃදියා නම් වූ ඇයයි
قَـالَـتْ وَهَـبُـوةْ لِـيَـا
يَـا رَبِّ هَـنِّـيـنِـى
"එතුමන්ව මට භාර කළ මැනව" ඇය කීවාය
"මාගේ දෙවියනි, එතුමන් මගින් මට සතුට උදා කළ මැනව"
جَـالُـه الْـجَـمَـل جَـالُـه
يَـزْحَـف عَـلَـى عِـقَـالُـه
ඔටුවා එතුමන් වෙත ළඟා විය
තම බැම්ම මත බඩගාමින් ඉදිරියට ආවේය
لَـمَّـا جَـالُـه جَـمَـالُـه
سَـلِّـم عَـلَـى الـزَّيْـنِـى
එතුමන්ගේ අසිරිමත් රූපය දුටු සැණින්
ඒ සුන්දර අසහායයාණන්ට ආචාර කළේය