حَيُّوا الْهَادِي بِأَجْمَلَ ذِكْرَى
අති සුන්දර ස්මරණයෙන් මඟ පෙන්වන්නාණන්ට ප්‍රණාමය පුදන්න.
Si
حَيُّوا الْهَادِي بِأَجْمَلَ ذِكْرَى
صَلُّوا مَعَنَا يَا حُضَّارْ
වඩාත් සුන්දර වූ සිහිපත් කිරීමෙන් මඟපෙන්වන්නාට ආචාර කරවු
රැස්ව සිටින සැමෙනි, අප සමඟ ආශිර්වාද පතවු
فَهُوَ عِمَادِي يَوْمَ الْمَعَادِ
نَبِيُّنَا طٰهَ الْمُخْتَارْ
මක්නිසාද එතුමාණෝ මතු උත්ථාන දිනයේ මාගේ අත්වැලයි
අපගේ නබිතුමාණෝ, තෝරාගත් තෝහා මය
صَلُّوا مَعَنَا
අප සමඟ ආශිර්වාද පතවු
هٰذَا الَّذِي سَرَى لَيْلًا
ثُمَّ دَنَا فَتَدَلَّى
එක් රැයක නිශා චාරිකාවේ යෙදුණේ මොහුය
ඉන්පසු සමීප වී තවත් ලං විය
وَهُوَ بِالْأُفُقِ الْأَعْلَى
حَبَاهُ الْوَاحِدُ الْسَّتَّارْ
එතුමාණෝ උත්තරීතර ක්ෂිතිජයේ රැඳී සිටියදී
ඒකීය වූ, සියල්ල වසන් කරන්නා එතුමනට වරම් දුන්නේය
فَهُوَ عِمَادِي يَوْمَ الْمَعَادِ
نَبِيُّنَا طٰهَ الْمُخْتَارْ
මක්නිසාද එතුමාණෝ මතු උත්ථාන දිනයේ මාගේ අත්වැලයි
අපගේ නබිතුමාණෝ, තෝරාගත් තෝහා මය
صَلُّوا مَعَنَا
අප සමඟ ආශිර්වාද පතවු
عَلَى الْعَرْشِ رَقَى الْجَمِيلْ
وَكَلَّمَهُ الْمَوْلَى الْجَلِيلْ
අලංකාර වූ එතුමාණෝ දිව්‍ය සිංහාසනයට නැඟුණහ
ශ්‍රේෂ්ඨ වූ ස්වාමියාණන් එතුමා සමඟ කතා කළ සේක
وَقَالَ أَبْشِرْ يَا خَلِيلْ
شَفَاعَتُكَ لِمَنْ تَخْتَارْ
"ප්‍රිය මිතුරාණෙනි, ප්‍රීති වන්න" යැයි උන්වහන්සේ වදාළහ
"ඔබ තෝරාගන්නා අය වෙනුවෙන් ඔබේ මැදිහත්වීම හිමිය"
فَهُوَ عِمَادِي يَوْمَ الْمَعَادِ
نَبِيُّنَا طٰهَ الْمُخْتَارْ
මක්නිසාද එතුමාණෝ මතු උත්ථාන දිනයේ මාගේ අත්වැලයි
අපගේ නබිතුමාණෝ, තෝරාගත් තෝහා මය
صَلُّوا مَعَنَا
අප සමඟ ආශිර්වාද පතවු
صَلَّى مَوْلَانَا عَلَيْهْ
وَالْآلِ وَالصَّحْبِ لَدَيْهْ
අපගේ ස්වාමියාණෝ එතුමනට ආශිර්වාද පමුණුවත්වා
එතුමන්ගේ පවුලේ අයට සහ සහචරයින්ටත් එසේම වේවා
مَنْ جَاهَدُوا بَيْنَ يَدَيْهْ
وَنَوَّرُوا لَنَا الْأَفْكَارْ
එතුමාණන් අභියස කැපවී කටයුතු කළෝ ඔවුන්ය
අපගේ මනස ආලෝකමත් කළෝ ඔවුන්ය
فَهُوَ عِمَادِي يَوْمَ الْمَعَادِ
نَبِيُّنَا طٰهَ الْمُخْتَارْ
මක්නිසාද එතුමාණෝ මතු උත්ථාන දිනයේ මාගේ අත්වැලයි
අපගේ නබිතුමාණෝ, තෝරාගත් තෝහා මය
صَلُّوا مَعَنَا
අප සමඟ ආශිර්වාද පතවු