مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
සමුගනිමු සමුගනිමු අහෝ රමළාන්
Si
Si
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
حُوَيْدِي أَعِدْ لِي (يَا رَمَضَانْ)
حَدِيثَ الْحَبَائِبْ (يَا رَمَضَانْ)
මා වෙනුවෙන් ගයන්නාණෙනි, මට නැවත පවසන්න (ඕ රමළාන්)
ප්‍රේමවන්තයන්ගේ කතාන්දර (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
وَمَا حَالَ مِنْهُمْ (يَا رَمَضَانْ)
عَنِ الْعَيْنِ غَائِبْ (يَا رَمَضَانْ)
තවද ඔවුන්ගෙන් වෙන්වී ගියවුන් ගැන (ඕ රමළාන්)
මාගේ දෑස් මානයෙන් නොපෙනී ගියවුන් ගැන (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
جَمِيلُ الْمُحَيَّا (يَا رَمَضَانْ)
جَعِيد أَمْ ذَوَائِبْ (يَا رَمَضَانْ)
අලංකාර මුහුණක් හිමි තැනැත්තා (ඕ රමළාන්)
කැරලි ගැසුණු හෝ ලතාවකට වැවුණු කෙස් කළඹක් ඇත්තා (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
رَعَا الله لَيَالِي (يَا رَمَضَانْ)
حُظِينَا بِوَصْلِه (يَا رَمَضَانْ)
අල්ලාහ් මෙම රාත්‍රීන් සුරැකේවා (ඕ රමළාන්)
එතුමාණන් හා එක්වීමේ භාග්‍යය අපට ලැබේවා (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
وَطَابَ اتِّصَالِي (يَا رَمَضَانْ)
بِعَلِّهْ وَنَهْلِهْ (يَا رَمَضَانْ)
මාගේ බැඳීම යහපත් විය (ඕ රමළාන්)
එතුමාණන්ගේ (පරලොව) පානයන් සමඟ (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
فَيَا ذَا الْجَلَالِ (يَا رَمَضَانْ)
لُفْ شَمْلِي بِشَمْلِه (يَا رَمَضَانْ)
අහෝ අභිමානය හිමි තැනැත්තාණෙනි (ඕ රමළාන්)
මාගේ තත්ත්වය එතුමාණන්ගේ තත්ත්වය හා එක් කරනු මැනව (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
فَقَلْبِي مِنَ الْبُعْدِ (يَا رَمَضَانْ)
وَالْهَجْرِ ذَائِبْ (يَا رَمَضَانْ)
ඈත බව සහ වෙන්වීම හේතුවෙන් (ඕ රමළාන්)
මාගේ හදවත දියවී යමින් පවතී (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
أَنَا سَأَتِرُك الْهَمْ (يَا رَمَضَانْ)
وَوَاصِلْ سُرُورِي (يَا رَمَضَانْ)
මම සියලු ශෝකයන් අත්හැර දමන්නෙමි (ඕ රමළාන්)
තවද දිගටම සතුටින් පසුවන්නෙමි (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
وَلِي رَبِّ يَعْلَمْ (يَا رَمَضَانْ)
بِخَافِي أُمُورِي (يَا رَمَضَانْ)
මාගේ කටයුතුවල සැඟවුණු ගැඹුර දන්නා (ඕ රමළාන්)
අධිපති දෙවියෙක් මට සිටී (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
أَرَى اللَّوْمَ عِنْدِي (يَا رَمَضَانْ)
خَطَا غَيْرَ صَائِبْ (يَا رَمَضَانْ)
දොස් පැවරීම මා දකින්නේ (ඕ රමළාන්)
කිසිසේත් නිවැරදි නොවන වරදක් ලෙසයි (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
أَنَا مُسْتَجِير بِالْ (يَا رَمَضَانْ)
جَمَالِ الْمُكَمَّلْ (يَا رَمَضَانْ)
මම රැකවරණය පතමි (ඕ රමළාන්)
පූර්ණ සුන්දරත්වය හිමි තැනැත්තාගේ ආශිර්වාදයෙන් (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
وَمَنْ فِي النَّبِيِّينَ (يَا رَمَضَانْ)
أَفْضَلْ وَأَكْمَلْ (يَا رَمَضَانْ)
නබිවරුන් අතරින් කවරෙක්ද (ඕ රමළාන්)
වඩාත්ම උතුම් සහ පූර්ණ තැනැත්තා (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
أَبُو الْقَاسِمْ أَحْمَد (يَا رَمَضَانْ)
لَنَا خَيْرَ مُرْسَلْ (يَا رَمَضَانْ)
අබු අල්-කාසිම් අහමඩ් නබිතුමාණෝ (ඕ රමළාන්)
අපට සිටින උතුම්ම දූතයාණන්ය (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
بِهِ تَنْقَضِي لِي (يَا رَمَضَانْ)
جَمِيعُ الْمَطَالِبْ (يَا رَمَضَانْ)
එතුමාණන් මාර්ගයෙන් මාගේ සියලු අවශ්‍යතා (ඕ රමළාන්)
සහ ප්‍රාර්ථනා ඉටු වන්නේය (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
وَمَنْ كَانَ جَدُّهْ (يَا رَمَضَانْ)
مُحَمَّدْ تَبَجَّحْ (يَا رَمَضَانْ)
යමෙකුට මුහම්මද් (සල්) තුමාණන් තම පූර්වජයා ලෙස සිටී නම් (ඕ රමළාන්)
ඔහුට ඒ ගැන ආඩම්බර විය හැකිය (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
فَفِي كُلِّ وَزْنَةْ (يَا رَمَضَانْ)
فَوَزْنَتُهْ أَرْجَحْ (يَا رَمَضَانْ)
මක්නිසාද සෑම කිරුමකදීම (ඕ රමළාන්)
ඔහුගේ බර වඩාත් බර වනු ඇත (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
بِبَرْكَتِهْ رَبِّي (يَا رَمَضَانْ)
يُجَاوِزْ وَيَسْمَحْ (يَا رَمَضَانْ)
එතුමාණන්ගේ ආශිර්වාදයෙන් මාගේ දෙවියන් (ඕ රමළාන්)
වැරදිවලට සමාව දී මග හරින්නේය (ඕ රමළාන්)
مُوَدَّعْ مُوَدَّعْ يَا رَمَضَانْ
وَ نَسْتَودِعُ اللهَ شَهْرَ الصِّيام
සමුගනිමු සමුගනිමු ඕ රමළාන්
සමාව දයාව රැගෙන අප වෙත නැවතත් එන්න
إِذَا اغْيَتْ عَلَيْنَا (يَا رَمَضَانْ)
جَمِيعُ الْمَذَاهِبْ (يَا رَمَضَانْ)
අන් සියලු මාවත් අපට (ඕ රමළාන්)
දුෂ්කර වී යන අවස්ථාවන්හිදී (ඕ රමළාන්)