لِغَيْرِ جَمَالِكُمْ نَظَرِي حَرَامُ
ඔබේ සුන්දරත්වය හැර අන් කිසිවක් දෙස බැලීම මට තහනම්ය.
Si
لِغَيْرِ جَمَالِكُمْ نَظَرِي حَرَامُ
وَغَيْرُ كَلَامُكُمْ عِنْدِي كِلَامُ
ඔබේ රූ සපුවෙන් තොර දසුන් මට අකැපය
ඔබේ වදන් හැර අන් වදන් මට නිසරුය
وَعُمْرُ الْنَّسْرِ مِنْكُمْ بَعْضُ يَوْمٍ
وَسَاعَةُ غَيْرِكُمْ عَامٌ فَعَامُ
ඔබ සමඟ ගතවන ගුරුළු ආයුෂය දිනක කොටසක් වැන්න
අන් අය සමඟ ගතවන පැය වසරින් වසරක් බඳුය
وَصَبْرِي عَنْكُمُ شَيْءٌ مُحَالٌ
وَمَا لِي قَاتِلٌ إِلَّا الْفِطَامُ
ඔබ කෙරෙන් වෙන්ව ඉවසීම මට අසම්භාව්යය
වෙන්වීම විනා මා නසන අන් කිසිවක් නැත
إِذَا عَايَنْتُكُمْ زَالَتْ هُمُومِيْ
وَإِنْ غِبْتُمْ دَنَا مِنِّيْ الْحِمَامُ
ඔබ දකින විට මාගේ සන්තාපය දුරු වෙයි
ඔබ බැහැර වූ කල මරණය මා වෙත ළං වෙයි
أَوَدُّ بِأَنْ أَكُونَ لَكُمْ جَلِيسًا
وَتُنْصَبَ لِي بِرَبْعِكُمُ خِيَامُ
ඔබ අසල හිඳින්නකු වන්නට මම රිසි වෙමි
ඔබේ මළුවෙහි මාගේ කුටි තනන්නට රුචි වෙමි
فَدَاوُوا بِالْوِصَالِ مَرِيضَ هَجْرٍ
يَهِيمُ بِكُمْ إِذَا سَجَعَ الْحَمَامُ
වෙන්වීමේ ගිලනා හමුවීමේ ඔසුවෙන් සුවපත් කරනු මැන
පරෙවියන් හඬලන කල ඔහු ඔබ වෙනුවෙන් ලතැවෙයි
حَدِيثُ غَرَامِهِ فِيكُمْ قَدِيمٌ
وَمَلْبَسُهُ مِنَ الْحُبِّ الْسِّقَامُ
ඔබ කෙරෙහි ඔහුගේ අනුරාගී පුවත පැරණි එකකි
ආදරය හේතුවෙන් ඔහු ඇඳි වත රෝගයම වෙයි
فَأَنْتُمْ فِي الْأُصُولِ أَجَلُّ أَصْلٍ
إِذَا شِئْتُمْ تَحَصَّلَ لِي الْمَرَامُ
මූලයන් අතර ඔබ අතිශය උතුම් මූලය වන්නෙහිය
ඔබ අභිමත කරන්නේ නම් මාගේ අභිලාෂය ඉටු වනු ඇත
بِكُمْ صَعْبُ الْأُمُورِ يَعُودُ سَهْلًا
فَبِالْإِحْسَانِ جُودُوا يَا كِرَامُ
ඔබ නිසා දුෂ්කර කටයුතු පහසු බවට පත් වෙයි
අහෝ උදාරවරුනි, කරුණාවෙන් යුතුව ත්යාගශීලී වනු මැන
وَلَيْسَ سِوَاكُمُ لِلْجُودِ أَهْلًا
فَكَيْفَ نَزِيلُ سُوحِكُمُ يُضَامُ
ත්යාගශීලීත්වයට ඔබ හැර අන් සුදුස්සකු නැත
ඔබේ මළුවට ආ අමුත්තා කෙලෙසක නම් පීඩාවට පත් වේද?